Verse 107
of 111පැහැපත් පුන් සඳෙව් කිරි සමුදුරැ පළට
සියගොත් බබුළුවන දෙව් රජ කුමර හට
නැවතත් එකලාව අවසර ලැබුණු විට
මෙපවත් කියව සැළ කරනුව සුර රදුට
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසැළලිහිණි සංදේශය
The Starling’s Message
පැහැපත් පුන් සඳෙව් කිරි සමුදුරැ පළට
සියගොත් බබුළුවන දෙව් රජ කුමර හට
නැවතත් එකලාව අවසර ලැබුණු විට
මෙපවත් කියව සැළ කරනුව සුර රදුට
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසිංහල අර්ථය
කිරි සයුරේ පුන් සඳ පළ වන සේ බබළන, තම කුලය බබළවන දෙව් රජ කුමරුට හුදෙකලාව අවසර ලැබෙන කලක මේ පුවත කියන්න. සුරරදුට සැළ කරන්න.
In English
When you find a quiet moment alone with the lord of gods, bright as the full moon rising from the Milk Ocean and lighting up his whole family, speak this message and tell it to the king of the gods.
කවියේ හදවත: රජුගේ දියණිය උලකුඩය දේවියට පුතෙකු දෙන ලෙස විභීෂණ දෙවියන්ට කරන ආයාචනය.
The heart of the poem: the plea that Vibhishana grant a son to Princess Ulakudaya Devi, daughter of the king.