Verse 95
of 111රජකුල සුපුල් විලැ රජ හස වන් සරන
පෙර මලවියා වන් රුසිරෙන් මන නඳන
හැම කල විපුල සව් සැපතින් නො අඩු වන
තෙද බල විකුම් ගුණ මිණි බරණින් තෙවුන
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසැළලිහිණි සංදේශය
The Starling’s Message
රජකුල සුපුල් විලැ රජ හස වන් සරන
පෙර මලවියා වන් රුසිරෙන් මන නඳන
හැම කල විපුල සව් සැපතින් නො අඩු වන
තෙද බල විකුම් ගුණ මිණි බරණින් තෙවුන
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසිංහල අර්ථය
රජ කුලය නම් විලේ රාජහංසයෙකු සෙයින් වෙසෙන, පෙර මලවි කුමරියක් වැනි රුසිරින් සිත ප්රමුදිත කරවන, සැම කල්හි සියලු සැපතින් අඩු නොවන, තේජස්, බල, විකුම්, ගුණ, මැණික් ආභරණවලින් සැදුනු,
In English
She lives like a royal swan in the lake of the royal house, delighting hearts with her beauty. She lacks no good fortune, and is rich in dignity, power, courage, virtue and jewelled ornaments.
කවියේ හදවත: රජුගේ දියණිය උලකුඩය දේවියට පුතෙකු දෙන ලෙස විභීෂණ දෙවියන්ට කරන ආයාචනය.
The heart of the poem: the plea that Vibhishana grant a son to Princess Ulakudaya Devi, daughter of the king.